ෂාරියා විශ්වවිද්‍යාලය ආගමක් සම්බන්ධ ප්‍රශ්නයක් නෙමේ, මූල්‍ය වංචාවක් විතරයි! – ජවිපෙ

June 21, 2019 at 10:58 pm | by emanisa.lk

එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා විසින් සෞදි ව්‍යාපාරිකයකු බව කියන පුද්ගලයකු මුදලින් ඉදිකළ මඩකලපුව ෂාරියා විශ්වවිද්‍යාලය ආගමක් සම්බන්ධ ප්‍රශ්නයක් නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක පවසයි.

එය සහමුලින්ම දේශපාලන කප්පම් මත ඩොලර් මිලියන 52ක් වෙන රටකින් ලබා ගෙන සිදුකළ මූල්‍ය දූෂණයක් ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

මෙයට ජවිපෙ ප්‍රචාරක ලේකම් විජිත හේරත් ප්‍රකාශ කළේ මෙම ෂාරියා විශ්වවිද්‍යාලය මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේ ඉදිකළ බවය.

කෙසේ වුවද 2013 වසරේ ආරම්භ කළේ කාර්මික අධ්‍යාපන ආයතනයක් වූ අතර එය රට පුරා ආරම්භ කළ කාර්මික ආයතන 16ක් අතරින් එකක් විය.

මඩකලපුව ෂාරියා විශ්වවිද්‍යාලය 2015 වසරේ ආරම්භ කළ අතර ඒ සඳහා අවශ්‍ය ඉඩම් ලබා දුන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස