සිංහල බෞද්ධ ජනතාව බොහොම කනස්සල්ලෙන් ඉන්නේ! ඒ ජනතාවගේ ඉවසීම නිහඬතාව නිවටකමක් කියලා හිතන්නත් එපා! – තිලංග

May 10, 2019 at 7:36 am | by admin

ෂාරියා විශ්වවිද්‍යාලය රජයට පවරා ගෙන උතුරු නැඟෙනහිර ආරක්ෂක විශ්වවිද්‍යාලය බවට පත් කර විශ්වාසය තහවුරු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා පවසයි. ඔහු මෙම අදහස් පළ කළේ සිය පක්ෂයේ නායකයා වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම විශ්වවිද්‍යාලය රජයට පවරා නොගන්නා බව ප්‍රකාශ කළ පසුබිමකය.

සිංහල බෞද්ධ ජනතාව බොහෝ කනස්සල්ලෙන් සිටින බව ද එම ජනතාවගේ ඉවසීම සහ නිහඬතාව නිවටකමක් ලෙස හෝ සුළු කොට තැකිය යුතු නැති බවත් මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

මුළු රටටම බලපාන නීතියක් ස්ථාපිත කළ යුතු බවත් සිරගතව සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් හැකි ඉක්මණින් නිදහස් කරගැනීමට කටයුතු බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස