ශ්‍රීලනිපය පැරණිම පක්ෂයක් විතරයි! රටේ ලොකුම පක්ෂය පොදුජන පෙරමුණයි! – ශ්‍රීලනිප භාණ්ඩාගාරික

August 1, 2019 at 6:00 pm | by emanisa.lk

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ රටේ ලොකුම පක්ෂය නොව පැරණිම පක්ෂයක් බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරියේ එය දෙවැනි බලවේගය බවත් ශ්‍රීලනිප භාණ්ඩාගාරික පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක අද (1) කොළඹ දී පැවසීය.

1956 සිට වරින්වර බලයට පැමිණි සෑම අවස්ථාවකදීම ශ්‍රීලනිපය පෙරමුණක් ලෙස මිස තනි පක්ෂයක් ලෙස ආණ්ඩු පිහිටුවා නැතැයි ද මන්ත්‍රීවරයා කීය. අද රටේ පළමු වෙනි බලවේගය බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පත්ව ඇතැයි ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

මෙවර ජනාධිපතිවරණ අපේක්ෂකයා බිහිවුයේ ද රටේ පළමු බලවේගය තුළින් බවද මේ පිළිබඳ තීරණාත්මක සාකච්ඡාවක් මෛත්‍රීපාල – මහින්ද අතර අද හෙටම සිදුවන බවද මන්ත්‍රිවරයා ඒ හා සන්ධානගත සියලු පක්ෂ අතර සාකච්ඡා ඒ සමඟම සිදුවන බවද කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස