ශ්‍රීලනිපය ජනාධිපතිවරණයට තරඟ කරනවා කිව්වාට ඒක කරන්නම ඕන කියලා එකක් නෑ! – අමරවීර

September 7, 2019 at 10:24 am | by emanisa.lk

එළඹෙන ජනාධිපතිවරණයට ශ්‍රීලනිපය ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කරන බවට මැතිවරණ කොමිසම වෙත ලිපියක් මගින් දැනුම් දුන්න ද තම පක්ෂය අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතුමය යන අදහසක් නොමැති බව ශ්‍රීලනිප උප සභාපති මහින්ද අමරවීර පවසයි.

මේ වන විටත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රීලනිපය අතර සාකච්ඡා පැවැත්වෙන බවත් එම සාකච්ඡා අසාර්ථක වුවහොත් ගතයුතු පියවරක් ද තිබිය යුතු නිසා මෙම ලිපිය නිකුත් කළ බව හෙතෙම සඳහන් කළේය.

මන්ත්‍රීවරයා මේ අදහස් පළ කළේ ඊයේ (06) පොදුජන පෙරමුණ සමග සාකච්ඡා කර විපක්ෂ නායක කාර්යාලයෙන් පිටතට පිවිසි අවස්ථාවේ මාධ්‍ය ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු ලෙසය.

මේ අතර ශ්‍රීලනිප සමුළුවට පසු ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනෙකු අතර සිදු වූ සාකච්ඡාවක දී එක් අයකු පවසා ඇත්තේ මේ අවස්ථාවේ තමන් ජනාධිපතිවරණයට තරඟ කිරීමට සැරසිය යුතු බවත් නො එසේ නම් පොහොට්ටුව තමන් ගණන් නොගන්නා බවත්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස