ජනපති මරණ දඬුවමට අත්සන යොදයි! 04 දෙනෙක් ළඟදිම එල්ලන්න සූදානම්!

June 26, 2019 at 10:05 am | by emanisa.lk

මරණ දඬුවම ලබා දීම සඳහා තමා දැනටමත් අත්සන යොදා අවසන් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද (26) උදෑසන මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කළේය.

ඒ අනුව හතර දෙනෙකුට මරණ දඬුවම ලබා දීමට ජනාධිපතිවරයා අත්සන යොදා තිබේ. ජනපති අත්සන යෙදූ පසු ඕනෑම අවස්ථාවක මරණ දඬුවම ක්‍රියාත්මක කළ හැකිය.

මෙයට පෙර මරණ දඬුවම නියම වූ 18 දෙනෙකුගේ ලැයිස්තුවක් ජනාධිපතිවරයා වෙත යවා තිබිණි. ඒ අතර පකිස්තානු ජාතිකයන් 4 දෙනෙකු සිටින බව ද වාර්තා විය.

මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම සඳහා ජාවාරම්කාරයන්ට මරණ දඬුවම ලබා දෙන බව ජනාධිපතිවරයා අවධාරණය කළ අතර කතෝලික සභාව ඇතුළු බොහෝ පාර්ශවවලින් ඒ සඳහා විරෝධය එල්ල විය.

ශ්‍රීලනිප ඉල්ලීම් සලකා බලා ජනාධිපතිවරණයට තරඟ කිරීම පිළිබඳ තීන්දුවක් ගන්නා බව ද එහිදී ජනාධිපතිවරයා පවසා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස