ශ්‍රීලනිපය ගෝඨාට නම් වෙල්ගම ජනාධිපති සටනට! ඇප මුදල් තැන්පත් කිරීම සති අන්තයේ!

October 2, 2019 at 11:12 am | by emanisa.lk

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ‘පොහොට්ටුවේ’ අපේක්ෂක ගෝඨාබය රාජපක්ෂට සහය දීමට තීරණය කළහොත් ස්වාධින අපේක්ෂකයකු ලෙස
ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම තීරණය කර ඇතයි වාර්තාවේ.

ඒ අනුව ඔහු මෙම සති අන්තයේදී ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට ඇප මුදල් තැම්පත් කිරීමට සුදානමින් සිටින බව ද පැවසෙයි.

කෙසේවුවද ගෝඨාබය රාජපක්ෂ වෙනුවට ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨයකු වන චමල් රාජපක්ෂ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නම්, ඔහුට සහය දක්වන බව වෙල්ගම සඳහන් කර ඇතයි වැඩිදුරටත් වාර්තා වෙයි.

කුමාර වෙල්ගම ශ්‍රීලනිප අපේක්ෂකයා වීමට සූදානම් යැයි ප්‍රකාශ කළ ද එම පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර ප්‍රකාශ කළේ වෙල්ගම යනු ගෝඨා සහ ශ්‍රීලනිපය අතර ගොඩනැඟනෙ සන්ධානය කඩාකප්පල් කිරීමට සැරසෙන එජාපයේ පිල්ලියක් බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස