විනිසුරුවරුන් දූෂිතැයි කීවේ වැරදීමකින්! මට එහෙම කියන්න උවමනාවක් තිබුණේ නෑ! – රංජන් උසාවියේ දී කියයි…

August 29, 2019 at 5:06 pm | by emanisa.lk

ශ්‍රී ලංකාවේ ඉන්න නීතිඥයන් සහ විනිසුරුවන් බහුතරයක් දූෂිතයන් යැයි මාධ්‍යවේදීන් සමග පැවැත්වූ සාකච්ඡාවකදී තමා පැවැසුවද විනිසුරුවන් යන වචනය කියවුණේ වැරදීමකින් බව රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක පවසයි.

විනිසුරුවන් සම්බන්ධයෙන් එවැනි ප්‍රකාශයක් කිරීමට තමාට ඒ අවස්ථාවේදී අදහසක් නොතිබූ බවත් ඔහු ඊයේ (28) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කියා සිටියේය.

රංජන් රාමනායක එසේ පැවැසුවේ අධිකරණයට අපහාසයක් වන ප්‍රකාශයක් ප්‍රසිද්ධියේ කළැයි ඔහුට එරෙහිව නීතිපති පැවරූ නඩුව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ වැඩිදුරටත් විභාගයට ගත් අවස්ථාවේදීය.

සිසිර ද ආබෲ, ප්‍රසන්න ජයවර්ධන සහ විජිත් කේ. මලල්ගොඩ යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ නඩු විභාගය පැවැත්වේ.

රන්ජන් රාමනායකගේ සාක්ෂි මෙහෙයවනු ලැබුවේ ඔහු වෙනුවෙන් පෙනී සිටි දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් විසිනි.

ඔහු මෙම ප්‍රකාශය සිදු කළේ 2018 අගෝස්තු 21 සිරිකොත පැවති රැස්වීමකට පසු මාධ්‍ය අමතමිනි. අනතුරුව තමා එදා කළ ප්‍රකාශය නිවැරදි බවත් තමා ඒ වෙනුවෙන් පෙනී සිටින බවත් කිහිප වරක් ප්‍රකාශ කළේය. ඔහු එහිදී ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව් සිටින නීතිඥයන් සහ විනිසුරුවරු අතරින් 95%ක් දූෂිත බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස