රාජිත වේදිකාවේ මයික් පැළුවාට බියගුලු නිවටයෙක්! රෙදි ඇඳගෙන මාධ්‍ය හමුවෙන්න අපට බෑ! – එජාප මන්ත්‍රීවරුන් එජාප නායකයාට කියති…

December 26, 2019 at 5:12 pm | by emanisa.lk

මහා වීරයකු මෙන් මාධ්‍ය හමුවේ රඟ පෑ රාජිත සේනාරත්න මේ වන විටට බියගුලු නිවටයෙකු මෙන් අධිකරණයට කට්ටි පනිමින් සිටින බව එජාප මන්ත්‍රීවරු පවසති.

ඔවුන් මේ බව පවසා ඇත්තේ දිනපතා පැවැත්වෙන මාධ්‍ය හමු සඳහා පැමිණෙන ලෙස එජාප නායකයා දැනුම් දුන් අවස්ථාවලය.

සුදු වෑන් මාධ්‍ය හමුව රඟපෑමක් බව ඕනෑම අයකුට පැහැදිලි වන බවත් එමගින් තමන්ගේ කඳවුරට මහත් පාඩුවක් වූ බවත් පවසා ඇති එම මන්ත්‍රීවරුන් පෙන්වා දී ඇත්තේ රාජිත සේනාරත්න වහාම නීතිය හමුවට ගොස් ඒ සඳහා මුහුණ දිය යුුතු බවය.

එතෙක් තමන්ට මාධ්‍ය හමු සඳහා සහභාගී වී මාධ්‍යවේදීන් අසන ප්‍රශ්නවලට පිළිතුරු ලබා දිය නොහැකි බව ඔවුන් පෙන්වා දී තිබේ.

මේ නිසා දිනපතා මාධ්‍ය හමු කැඳවීම එජාපයට මහත් ගැටලුවක් වී ඇති බව එම පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස