රාජ්‍ය සේවකයන්ට සිකුරාදට බතික් ඇඳුම අනිවාර්ය කරනවා! බතික් කර්මාන්තය දියුණු කරන්නේ එහෙමයි! – දයා ගමගේ

August 29, 2019 at 11:12 pm | by emanisa.lk

ඉදිරියේදී රාජ්‍ය සේවකයින්ට සිකුරාදා දිනයේ බතික් ඇදුමින් සැරසී පැමිණීම අනිවාර්යය කිරීමට යෝජනා කර ඇත.

අද කොළඹදී පැවැති උත්සවයකදි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය දයා ගමගේ පැවසුවේය.

මේ සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකාවක් තවමත් සකස් කර නොමැති බවත් ඉදිරියේදී එම කටයුත්ත සිදුකරන බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

මෙරට බතික් කර්මාන්තය දියුණු කිරීම සඳහා එම වැඩපිළිවෙළ විශාල අත්වැළක් බව එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස