ගෝඨාභය අපට අභියෝගයක් නෙමෙයි! අපට අපේක්ෂකයෝ 10ක් විතර ඉන්නවා! – ඇමති දයා

July 17, 2019 at 3:01 pm | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂයට ජනාධිපති අපේක්ෂකයන්ගේ කිසිම හිඟයක් නැති බවත් අපේක්ෂකයන් දස දෙනෙකු පමණ පක්ෂයට සිටින බවත් අමාත්‍ය දයා ගමගේ පවසයි.

මහනුවර සිරිමල්වත්ත, ප්‍රදේශයේ පැවැති ආගමික උත්සවයකින් අනතුරුව මාධ්‍ය හමුවේ ඔහු මේ බව කියා සිටියේය.

මැතිවරණය ප්‍රකාශයට පත් කළ පසු එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් වන නම් අතරින් සුදුසු අපේක්ෂකයා නම් කරන බවද ඇමතිවරයා සඳහන් කළේය.

ගෝඨාභය රාජපක්ෂ හෝ රාජපක්ෂ පවුලේ කවුරුන් හෝ ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවද එය එක්සත් ජාතික පක්ෂයට කිසිදු අභියෝගයක් නොවන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස