රනිල් අගමැති කරන කිසිදු කඳවුරකට අපේ සහාය නෑ! – අතුරලියේ රතන හිමි තීරණාත්මක ලෙස එජාපයෙන් වෙන්වෙයි…

August 27, 2019 at 8:33 am | by emanisa.lk

රනිල් වික‍්‍රමසිංහ යළි අගමැති කරන කිසිදු දේශපාලන කඳවුරකට ජනාධිපතිවරණයේදී තමන් සහය නොදක්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමි පවසයි.

එසේම වැඩිම එකඟතාවක් ඇති අපේක්ෂකයා සමග එකඟතාවක් ඇති කර ගැනීමට බලාපොරොත්තු වන බවත් ඊට පොදු කඳවුරක් නිර්මාණය කර ගත යුතු බවත් එහිමියන් සඳහන් කළේය.

ඉදිරිපත් වන ඕනෑම ජනාධිපති අපේක්ෂකයෙකු පාස්කු ඉරිදා ප‍්‍රහාරයට අදාල විමර්ශන විධිමත් කරන යාන්ත‍්‍රණයක් ඉදිරිපත් කළ යුතු බවද අවධාරණය කළේය.

එසේම මඩකළපුව විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් සාධනීය ප‍්‍රතිචාරයක්ද ජනාධිපති අපේක්ෂකයන්ගෙන් බලාපොරොත්තු වන බවද පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් වැඩිදුරටත් සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස