රතන හිමි කරන්නේ දෙමළ ඩයස්පෝරාවේ කොන්ත්‍රාත්තුවක්! – මුජිබර් රහ්මාන්

July 2, 2019 at 6:07 am | by emanisa.lk

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මහපාරේ නිර්දය ලෙස පහර ගසමින් එහි සිදුකෙරෙන පරීක්ෂණ ගැන විශ්වාසයක් නැතැයි ප්‍රකාශ කරමින් ජාත්‍යන්තර අධිකරණයේ පිහිට පතන බවට පවසන රතන ස්වාමීන් වහන්සේ දෙමළ ඩයස්පෝරාව නිවැරැදි බව කියන පණිවිඩය ජාත්‍යන්තරයට ගෙනයන්දැේයි විශාල සැකයක් පහළවන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පැවසීය.

දෙමළ ඩයස්පෝරාවත් ජාත්‍යන්තර විනිසුරුවරුන් අවශ්‍ය බව පවසමින් හමුදාවට පහර ගසමින් ශ්‍රී ලංකාවේ පරීක්ෂණ අවතක්සේරුවට ලක්කරන බව පැවසූ මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා රතන ස්වාමීන් වහන්සේ සිදුකරන ප්‍රකාශ තුළින් දෙමළ ඩයස්පෝරාව සාධාරණීකරණය කරන බවත් සඳහන් කළේය.

ජාත්‍යන්තර අපරාධ අධිකරණයට යා හැකි පිළිවෙත පිළිබඳ දැනුමක් රතන ස්වාමීන් වහන්සේට නොමැති බව මෙම ප්‍රකාශවලින් පැහැදිලි වන බව පැවසූ මන්ත්‍රීවරයා ජාත්‍යන්තර අධිකරණයට යාමට නම් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සලයට යෝජනාවක් ගෙනවිත් සම්මත කර ගත යුතු බවත් පැවසීය. ඊට හේතුව වසර 2002 දී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා රෝම ප්‍රඥප්තියට අස්සන් නොකිරීම බවත් මෙහිදී මන්ත්‍රීවරයා පැහැදිලි කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශ්වාස නැති නිසා දොස්තර ‍සාෆි පිළිබඳ පරීක්ෂණ සඳහා අමෙරිකාවෙන්, ඉන්දියාවෙන් වෛද්‍යවරු ගෙනැවිත් පරීක්ෂණ පවත්වන බව පවසන රතන ස්වාමීන් වහන්සේ දෙමළ ඩයස්පෝරාවට අවශ්‍ය කාර්යභාරය ඉටුකරන බව පෙනී යන බවත් අවධාරණය කළේය. ද්‍රවිඩ ඩයස්පෝරාව සමඟ එක්වී සන්ධාන හදමින් මේ රට නැවත ආපස්සට හැරවීමට මාන බලන බවත් මෙහිදී මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා මේ අදහස් පළකළේ ඊයේ (1) අරලියගහ මන්දිරයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවේදීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස