රට භාර දෙන්නේ අවුරුදු 52 තරුණ සජිත්ටද? ලෙඩෙක් මහල්ලෙක් වෙන අවුරුදු 70 පප්පාටද? – හිරුණිකා

October 23, 2019 at 2:57 pm | by emanisa.lk

පැය 24ට වේගයෙන් වැඩ කරන අවුරුදු 52ක තරුණයකුට මේ රට භාර දෙනවා ද අවුරුදු 70ක ලෙඩෙක් මහල්ලෙක් වන පාප්පා කෙනෙකුට රට භාර දෙනවා දැයි තමා ජනතාවගෙන් අසන බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී හිරණිකා ප්‍රේමචන්ද්‍ර පවසයි.

සජිත් ප්‍රේමදාස වෙනුවෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පැවති ජනහමුවක දී ඇය මේ බව ප්‍රකාශ කළාය.

කොළොන්නාව ප්‍රදේශය තරුණ පරපුර කුඩු උවදුරින් ගලවා ගැනීමට පෙරට පැමිණි තම පියාගේ කට වැඩි යැයි පවසා ප්‍රබල දේශපාලන පවුලක් කී නිසා මරා දැමීමට කටයුතු කළ බව ද හිරුණිකා පෙන්වා දුන්නාය.

කාන්තාවන්ට අම්මලාට අපහාස කරන වයස 70ක පප්පා කෙනෙක් මේ රටේ ජනාධිපතිවරයා කළහොත් රාජපක්ෂවරුන් 10 දෙනෙක් යටතේ මේ රට පාලනය වනු ඇතැයි ද ඇය අවධාරණය කළාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස