රටේ ප්‍රාග්ධන වියදමින් 40%ක කාර් අරන්! හැමෝටම කාර් ඕන නෑ! පොදු ප්‍රවාහනය දියුණු කරනවා! – පාඨලී

July 6, 2019 at 11:01 am | by emanisa.lk

මෙරට සියලුම පුරවැසියන්ට පෞද්ගලිකව වාහනයක් ලබාදීම මගින් මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රය තවදුරටත් දියුණු කිරීමට නොහැකි බව ඇමැති පාඨලී චම්පික රණවක මහතා සඳහන් කරයි.

පසුගිය දශක එකහමාරක පමණ කාලය තුළ මෙරට ප්‍රාග්ධන වියදමෙන් 40%ක් පමණ වැය වූයේ මෙරට පෞද්ගලික ප්‍රවාහනය ශක්තිමත් කිරීම සඳහා බවද ඔහු කියා සිටියේය.

ඉදිරියේ දී පොදු ප්‍රවාහනය ශක්තිමත් කිරීමට පියවර ගන්නා බවද එහිදී දුම්රිය සේවය හා බස් සේවය නවීකරණ ආදී කටයුතුවලට මුල් තැන ලැබෙන බවද ඇමතිවරයා සදහන් කලේය.

ඉදිරි දශකයේ පමණ කාලයේ දී මෙරට පොදු ප්‍රවාහනය ඉහළ තලයකට ගෙන යා හැකි බවද ඔහු කියා සිටියේය.

කොළඹ පැවති උත්සවයක් අමතමින් ඔහු මෙම අදහස් පල කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස