යහපාලන ආණ්ඩුව ලංකා බැංකුවත් සුද්ද කරයි! එජාප ප්‍රභලයන්ගෙන් කෝටි 8500ක ණය පොල්ලක්! කෝටි 500ක් දැනටම බොල් වෙලා!

February 7, 2020 at 1:38 pm | by emanisa.lk

යහපාලන රජය සමයේ දේශපාලනඥයින් ඇතුළු විවිධ ප්‍රද්ගලයින් සඳහා ලංකා බැංකුව රුපියල් කෝටි 8,000 ක ණය මුදලක් නිකුත් කර ඇතැයිද , මේ වන විට එම ණය මුදල් අය කර ගැනීමට නොහැකිව කල් ඉකුත් වූ අංශයට මාරු කර ඇතැයිද ප්‍රගති බැංකු සේවක සංගමයේ සභාපති නිශාන්ත සමරසිංහ පවසයි.

ආචාර්ය ඇන් ඇම් පොරේරා කේන්ද්‍රෙය් ඊයේ ( 06) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ අදහස් ප්‍රකාශ කළේය.

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රභලයින් සිව් දෙනකු ද මේ අතර වන බවද සභාපතිවරයා පැවසූවේය. මෙම කාලය තුළ ලංකා බැංකුව විසින් කපා හැර ඇති බොල් ණය ප්‍රමාණය රුපියල් කෝටි 500 ක් ඉක්මවන බවද ඔහු සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස