මේ සිංහල බෞද්ධ රටක් නෙමේ කියනවා! බුද්ධ ප්‍රතිමාවේ බෙල්ලෙන් අල්ලනවා! හාමුදුරුවන්ට චීවරධාරියා කියනවා! ගැහැනු පිරිමි අඳුනන්නේ නැති ඇමති මංගල විකෘතියක්!

May 23, 2019 at 11:01 pm | by admin

බුද්ධ ප්‍රතිමාවක් ඔළුවෙන් අල්ලා ගෙන සිටින බෞද්ධයකු කිසිවකු කෙදිනක හෝ දැක තිබේ දැයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක ප්‍රශ්න කරයි. ඒ මංගල සමරවීර බුද්ධ ප්‍රතිමාවක් ඔළුවෙන් අල්ලා එල්ලාගෙන සිටින ඡායාරූපයක් මාධ්‍ය වෙත ප්‍රදර්ශනය කරමිනි.

මේ රටේ කිසිදු අන්‍යාගාමික නායකයකු පවා නොකියන ලංකාව සිංහල බෞද්ධ රටක් නොවේය යන විකෘති කතාව නැවත නැවත කියමින් ගෞරවණීය භික්ෂූන් වහන්සේලාට චීවරධාරියා යැයි අපහාස කරමින් මංගල සමරවීර මේ මොහොතේ සිංහල බෞද්ධ ජනතාව අනවශ්‍ය ලෙස ප්‍රකෝප කිරීමට උත්සාහ කරන බවට හෙතෙම චෝදනා කරයි.

මංගල සමරවීර තුළ ඇති විකෘති මානසිකත්වය බෞද්ධ විරෝධය බුදු දහම බෞද්ධ දර්ශනය කෙරෙහි ඇති නොසැලකිල්ල බුද්ධ ප්‍රතිමාව ඔළුවෙන් අල්ලාගෙන සිටීමෙන් මැනවින් පැහැදිලි වන බව මන්ත්‍රීවරයා පවසයි.

මංගල සමරවීරට ඉතාම අමාරුවෙන් ආරිය සිංහල ඇඳුම ඇන්ද වූ ප්‍රථම දිනයේම බුදු පිළිමය ඔළුවෙන් එල්ලා ගෙන ගොස් ඔහු තමා කවුදැයි ලෝකයටම ප්‍රදර්ශනය කළ බව ඔහු පවසයි.

ගැහැනිය සහ පිරිමියා පවා හරි හැටි හඳුනාගත නොහැකි මංගල සමරවීර නියම විකෘතියක් යැයි ඔහු වැඩි දුරටත් පෙන්වා දෙයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ අද(23) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස