මුස්ලිම් ජාතිය ලංකාවේ සුළුතරයක් වුණත් ලෝකයේ බහුතරයක්! අපි අතර ඇති එකමුතු බව සුළුපටු කරුණක් නොවෙයි! – හිස්බුල්ලා (video)

June 9, 2019 at 11:24 am | by emanisa.lk

ශ්‍රී ලංකාව තුළ මුස්ලිම් ජාතිය යනු සුළු ජාතයක් වුවද ලෝකයේ මුස්ලිම් ජාතීන් බහුතරය නියෝජනය කරන ජාතියක් බව හිටපු නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා පවසයි.

ඒ මහතා ඊයේ (07) කාත්තන්කුඩි ප්‍රදේශයේ පල්ලියකදී මේ බව ප්‍රකාශ කළේය.

එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ පසුගිය සමයේ රට තුළ උත්ගත වූ තත්ත්වය හේතුවෙන් මේ වන විට ලාංකික ධනවත් පවුල් 7000ක් පමණ රට හැර යාමට පියවර ගෙන ඇති බවයි.

එසේම පාස්කු ඉරිදා සිදුවු ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් මුස්ලිම් වැසියන් 2000ක් පමණ මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් 125ක පමණ පිරිසක් ඊට සම්බන්ධ නමුත් අනෙක් පිරිස අහිංසක මුස්ලිම් ජනයා වන බවත් ඔහු ප්‍රකාශ කළේය.

ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කළ අත්අඩංගුවට ගැනීම්වලදී කුරානය, ඉස්ලාම් පාඨ ආදිය පවා ළඟ තබාගත් පුද්ගලයන් අත්අඩංගුවට ගත් නමුත් මුස්ලිම් ප්‍රජාවගේ වෙළඳසැල්, නිවාස විනාශ කර ගැටුම් ඇති කළ පුද්ගලයන් නිදහස් කර ඇති බවටත් ඔහු එහිදී චෝදනා එල්ල කළේය.

මුස්ලිම් මැති ඇමතිවරුන් ත්‍රස්ත ක්‍රියා සමඟ සම්බන්ධ බවට චෝදනා එල්ල කළද ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා කිසිදු මුස්ලිම් ඇමතිවරයෙතු ඊට සම්බන්ධ බවට සාක්ෂි නොමැති බව ප්‍රකාශ කළ බවත් හිස්බුල්ලා මහතා එහිදී කියා සිටියේය.

මුස්ලිම් දේශපාලකයන් අතර ඇති එකමුතු බව සුළු පටු කරුණක් නොවන බවත් බහුතර මුස්ලිම් ප්‍රජාවක් සිටින ප්‍රදේශයකින් තමා ඉල්ලා අස්වීම සුළු දෙයක් නමුත් බහුතර සිංහල ප්‍රජාව සිටින ප්‍රදේශවලින් බලයට පත් රවුෆ් රහීම්, කබීර් හෂීම්, හලීම් වැනි ඇමතිවරුන්ගේ ඉල්ලා අස්වීම විශාල ගැටලුවක් බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස