මිලේනියම් ගිවිසුමේ භයානකත්වය කියන්න ගෙවිඳු ITN නාළිකාවට! ගිවිසුම වර්ණනා කළ සියල්ල දත් ඇමති පාඨලී ගෙවිඳු දැක පසු නොබලා පළා යයි!

November 5, 2019 at 11:12 pm | by emanisa.lk

මහත් ආන්දෝලනයට ලක්ව පවතින මිලේනියම් චැලේන්ජ් කොපර්රේෂන් ගිවිසුම පිළිබඳ අද (05) රාත්‍රී ස්වාධීන රූපවාහිනියේ තීරණය වැඩසටහන පිළිබඳ සාකච්ඡාවට ආණ්ඩුව නියෝජනය කරමින් පැමිණීමට නියමිතව සිටි ඇමති පාඨලී චම්පක රණවක අවසාන මොහොතේ ඊට සහභාගී වීම ප්‍රතික්ෂේප කර තිබේ.

ඒ ඔහුගේ සමකාලීන විශ්වවිද්‍යාල දේශපාලන ක්‍රියාකාරියකු මෙන්ම ප්‍රවීණ දේශපාලන විචාරකයකු වන ගෙවිඳු කුමාරතුංග එම වැඩසටහනට සහභාගී වන බව දැනගත් පසුය.

ආණ්ඩුව වෙනුවෙන් මාධ්‍ය හමු පවත්වමින් මිලේනියම් චැලේන්ජ් ගිවිසුම වර්ණනා කමින් ඒ පිළිබඳ කාදිනල් ඇතුළු ආගමික නායකයන්ට කතා කිරීමට අයිතියක් නැතැයි ද ඒ පිළිබඳ සියල්ල දන්නේ තමන් යැයි ද පවසමින් පාළු ගෙයි වළං බිඳින ඇමති පාඨලී චම්පක, ගෙවිඳු කුමාරතුංගට මුහුණ නොදී පළා යාම ලැජ්ජා සහගත බවට විවේචන සමාජමාධ්‍යවල පළ වී තිබේ.

ඇමති මංගල සමරවීර ද මෙම අවස්ථාව භාරගැනීම ප්‍රතික්ෂේප කිරීම නිසා ආණ්ඩුව වෙනුවෙන් ගිවිසුම සාධාරණීකරණය සඳහා පැමිණ සිටියේ රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න සහ මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරයාය.

ගෙවිඳු කුමාරතුංග විසින් එරාන් වික්‍රමරත්න සහ මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා මෙම ගිවිසුම සම්බන්ධයෙන් ප්‍රකාශ කළ අසත්‍ය කරුණු කාරණා සාක්ෂි සහිතව ප්‍රතික්ෂේප කරමින් එහි ඇති භයානකත්වය රටට පහදා දෙන අතර ජවිපෙ වෙනුවෙන් සහභාගී වූ බිමල් රත්නායක පසුගිය 25 වසරක ගිවිසුම් ගැන කතා කරමින් කාලය කා දමනු දැකගත හැකි විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස