මහ බැංකු හොරා අල්ලන මෙහෙයුම 90%ක් ඉවරයි! තාක්ෂණය දියුණු නිසා හැංගෙනවා බොරු! – රංජන් රාමනායක

April 20, 2019 at 1:08 pm | by admin

අද වන විට තාක්ෂණය දියුණු නිසා මහ බැංකු වංචාවේ ප්‍රධානියා බව කියන අර්ජුන් මහේන්ද්‍රන්ට තව දුරටත් කට්ටි පැනීමට හැකියාවක් නැතැයි අමාත්‍ය රංජන් රාමනායක පවසයි.

හිටපු මහ බැංකු අධිපතිවරයා අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම මේ වන විට 90%ක් අවසන් බවත් තව ඇත්තේ 10%ක් බවත් අමාත්‍ය රංජන් රාමනායක පවසයි.

අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගත් පසු ඔහු සමග සබඳතා පැවැත්වූ පිරිස අනාවරණය කරගත හැකි බව ද ඇමතිවරයා පැවසීය.

අර්ජුන් මහේන්ද්‍රන් අගමැති රනිල් වික්‍රමසිංහගේ සමීපතම මිතුරකු වන අතර මෙරට පුරවැසියකු නොවන මහේන්ද්‍රන් මහ බැංකු අධිපති ධුරයට පත් කළේ අගමැතිවරයාගේ පෞද්ගලික උවමනාවටය.

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ලිපියක් ලියමින් පෙන්වා දුන්නේ මහ බැංකු වංචාවේ ප්‍රධාන චූදිතයා අගමැති රනිල් බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස