දකුණේ සහ උඩරට කොකේන් මන්ත්‍රීලා ගැන ලැයිස්තුව අතේ තියාගෙන රංජන් ඉඟි දෙයි! කට්ටිය දැන් බයට තුඹ කරවිල, කොහොඹ, තෙබු ජූස් බොනවා! තොරතුරු දෙන්නේ එයලගේ අපේ ගර්ල් ප්‍රෙන්ඩ්ස්ලා සෙට් එකමයි!

February 25, 2019 at 7:49 am | by admin

පාර්ලිමේන්තුවේ කොකේන් බොන ලැයිස්තුව තමා ප්‍රසිද්ධ නොකරන්නේ ඒ නිසා මිනි මැරුම් සමූහයක් වීමට ඉඩ ඇති නිසා යැයි රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක පවසයි. අදාළ ලැයිස්තුව තමා කතානායකවරයා වෙත දුරකතනය ඔස්සේ පැවසූ බව ද එසේ නැතැයි කියන්නේ නම් එය මුසාවාදයක් බව ද හෙතෙම අවධාරණය කරයි.

මේ වන විට කොකේන් මන්ත්‍රීිලා බියට පත්වී තුඹ කරවිල, කොහොඹ සහ තෙබු යුෂ පානය කරන බව දැනගන්නට ඇතැයි ද මේ සියලු තොරතුරු ඔවුන්ගේ සහ තමන්ගේ ගර්ල් ප්‍රේන්ඩ්ස්ලා විසින් සපයන බව ද අමාත්‍යවරයා හෙළි කරයි. එසේම එක්තරා මුස්ලිම් ඇමතිවරයේ සිය කාර්ය මණ්ඩලය සඳහා කොකේන් ගෙන ආ බවට තොරතුරු ඇතැයි ද ඔහු පවසයි. එසේම දකුණේ මහත මන්ත්‍රීවරයෙක් වතු කම්කරුවන්ට වැටුප් වැඩි කරන ලෙස ඉල්ලන උඩරට ඇමතිවරයකේ ද මේ අතර සිටින බව ඔහු පවසයි.

කෙසේ වුවද අයවැය ළඟ එන නිසා මේ අවස්ථාවේ පක්ෂය තමන්ට විරුද්ධව පියවරක් නොගනු ඇතැයි ද හෙතෙම විශ්වාසය පළ කරයි. කෙසේ වුවද පක්ෂය තමන්ට පළ නොකියා පලා බෙදුවොත් එහි තව දුරටත් සිටිය නොහැකි බව ද ඇමතිවරයා පවසයි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස