මහ කිඹුලා අල්ලන්න නීතිපති CIDයට දැනුම් දෙයි! CIDය එසැනින් වරෙන්තු නියෝගයක් ගනී!

December 24, 2019 at 5:08 pm | by emanisa.lk

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණයෙන් වරෙන්තුවක් ලබා ගන්නැයි නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (24) දැනුම් දී තිබේ.

ඒ ජනාධිපතිවරණ ප්‍රචාරක සමයේ රාජිත සේනාරත්නගේ ප්‍රධානත්වයෙන් පැවැත් වූ සුදු වෑන් මාධ්‍ය හමුව පිළිබඳ විමර්ශන සඳහාය.

මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයෙන් රාජිත සේනාරත්න අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නියෝගයක් ලබා ගෙන තිබේ.

කෙසේ වුවද තමා අත්අඩංගුවට ගැනීමේ බියක් පවතින බව සඳහන් කරමින් හිටපු ඇමතිවරයා අධිකරණයට අපේක්ෂිත ඇප අයඳුම්පත් තුනක් ඉදිරිපත් කළ අතර අවසාන අයඳුම්පත දෙසැම්බර් 30 වෙනිදා විභාගයට ගැනීමට නියමිතය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස