මහින්ද නැතිව පුළුවන් නම් විවාදෙකට එන්න! – තලතා ගෝඨාට අභියෝග කරයි….

October 7, 2019 at 3:21 pm | by emanisa.lk

අධිකරණය ස්වාධීන බව හිටපු ජනාධිපතිවරයා පවසන්නේ නම් ඒ පිළිබඳ තමා සතුටු වෙන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ පවසයි.

ඈ මේ බව ප්‍රකාශ කළේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් ජනාධිපතිවරණ ප්‍රධාන කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට අද (07) පෙරවරුවේ එක්වීමෙනි.

එක්සත් ජාතික පක්ෂය රට අමෙරිකාවට විකුණන බවට සහ අමෙරිකාව සමඟ සෝපා ගිවිසුම අත්සන් කරන බවට චෝදනා කරන පිරිසම අමෙරිකාවෙන් ගෙනා කෙනෙකු ජයග්‍රාහණය කරවීමට කටයුතු කරන බවද අමාත්‍යවරිය සඳහන් කළාය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නොමැතිව තනිවම වේදිකාවකට හෝ රූපවාහිනි විවාදයකට පැමිණෙන ලෙස තමන් ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට අභියෝග කරන බවද ඇය අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස