පොහොට්ටුව අගමැතිතුමාටයි සජිත්ටයි බයවෙලා කෑ ගහනවා!

February 14, 2019 at 2:12 pm | by admin

ඒකාබද්ධ විපක්ෂයේ පිරිසට උවමනා ජනතාවට සේවය කිරීමට නොව රාජපක්ෂ හොර නඩයේ පැණි ගොට්ටේ රස බැලීමට යැයි ඇමතිනි තලතා අතුකෝරළ පවසයි. ඇමතිනිය මෙම අදහස් පළ කළේ අද( 14 ) පෙරවරුවේ රත්නපුර ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදියෙකු යොමු කළ පැනයකට පිළිතුරු ලෙසය.

“ඒ ගොල්ලන්ගේ ඉතිහාසයේම කරලා තියෙන්නේ රාජපක්ෂ ඇතුළු හොර නඩයේ පැණි ගොට්ටේ රස බලපු එක විතරයි. මට කියන්න තියෙන්නේ පැණිවල රස දන්න නිසා මේ ගොල්ලන්ට ආණ්ඩු බලය නැතිව ඉන්න බැහැ. දුප්පතා වෙනුවෙන් නෙවෙයි මේ අය වැඩ කළේ රාජපක්ෂ පරම්පරාවට විතරයි මේ හොර නඩය වැඩ කළේ. මේ අය වැඩ කළේ රාජපක්ෂ පවුලත් ඔවුන්ට එහෙයි කියා ගන්නා පිරිසකගේ බලය වැඩි කර ගන්න විතරයි.”

“මේ අයට ලොකු අභියෝගයක් වෙලා තියෙනවා අපේ අග්‍රාමාත්‍යතුමාත් සජිත් ප්‍රේමදාස ඇමතිතුමාත්. ඒ නිසා බොරුවට කෑ ගහනවා. චෝදනා කරනවා. මේ රට ගොඩ නගන්න බැහැ කියලා. ඒ නිසා විවිධ කුමන්ත්‍රණ කරනවා. මේ අයට රාජපක්ෂ වරුන්ගෙන් හැර වෙන විකල්පයක් නැහැ. වෙන නායකයෙකුත් නැහැ. ඒ නිසා තමයි මෙච්චර කෑ ගහන්නේ” යැයි අමාත්‍යවරිය වැඩිදුරටත් පැවසුවාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *