මම විකට රංගනය නතර කළා! ඒක දැන් සජිත් කරනවා! – බන්දු සමරසිංහ

November 10, 2019 at 2:31 pm | by emanisa.lk

මේ රට රත්තරන් රටක් බවත් අපට ඇති එකම රට බවත් එම රට රැකීමට මිස විකට රංගනයක් සඳහා ගොඨාභය රාජපක්ෂගේ දේශපාලන වේදිකාවට නොපැමිණි බව ප්‍රවීණ රංගන ශිල්පි බන්දු සමරසිංහ පවසයි.

තමා මේ වන විට විකට රංගනයෙන් ඉවත් වී සිටින බවත් තමන්ගෙන් නොවිමසා ම එක්තරා ජනාධිපති අපේක්ෂකයේ එම චරිතයට පණ පොවමින් සිටින බවත් ඔහු පෙන්වා දෙයි.

රටක් කරවීමට ඉල්ලා සිටින නායකයා යුක්තිගරුක අවංක වැදගත් එඩිතර අය විය යුතු බවත් තමා කියන දේ කිරීමට පෞරුෂයක් ඇති අයකු විය යුතු බවත් 16 වෙනිදාට ගෝඨාභය රාජපක්ෂ රටේ නායකත්වය භාරගැනීමට පැමිණෙන බවත් හෙතෙම අවධාරණය කළේය.

බදුල්ලේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනහමුවකට එකතු වෙමින් ඔහු (09) මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස