මම යූඇන්පියට යන්නේ නෑ! නමුත් මහින්දට විරුද්ධයි! – දුමින්ද

July 31, 2019 at 12:04 pm | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂය සමඟ එක්විමට තමාගේ කිසිඳු සූදානමක් නොමැති බව දුමින්ද දිසානායක පවසයි. තමා තවදුරටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රතිපත්ති මත කටයුතු කරන බව හෙතෙම පවසයි.

තමන්ගේ ප්‍රතිපත්ති කිසිඳු විටක වෙනස් වී නොමැති බවත් මහින්ද රාජපක්ෂගේ ප්‍රතිපත්තිවලට තමන් එකඟ නොවන නමුත් කිසිදු පෞද්ගලික අමනාපයක් නොමැති බවත් ඔහු පැවසීය.

මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්තිවල කිසිඳු වෙනසක් වී නොමැති නම් තමන්ගේ විවේචනයන්හි අදටත් කිසිඳු වෙනසක් වී නොමැති බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

කොළඹ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව කියා පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස