මම අගමැති අපේක්ෂකයා වෙන්නේ එජාප නායකත්වය දුන්නොත් විතරයි! සජිත් රනිල්ට එරෙහි අවසන් සටනට කඩුව මදියි!

December 17, 2019 at 10:25 pm | by emanisa.lk

එළඹෙන මහා මැතිවරණයේ දී තමා එක්සත් ජාතික පක්ෂ අගමැති අපේක්ෂකයා ලෙස තරඟ කරන්නේ තමාට එජාප නායකත්වය ලැබෙනවා නම් පමණක් බව සජිත් ප්‍රේමදාස පවසයි.

ඔහු මේ බව පවසා ඇත්තේ අද (17) කෝට්ටේ පැවති පාක්ෂික හමුවක දීය. ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාසට සහාය ලබා දුන් ජනතාවට ස්තූති කිරීමට සංවිධානය කරන ජනහමු මාලාවේ හමුවක් ලෙස මෙය සංවිධානය කර තිබිණි.

එම ජනහමුවේ දී පාක්ෂිකයකු නැඟූ පැනයකට පිළිතුරු දෙමින් සජිත් ප්‍රේමදාස මෙසේ පවසා ඇති අතර ඒ අවස්ථාවේ ජනතාව අත්පොළසන් දුන් බව හර්ෂ ද සිල්වා සිය ට්විටර් ගිණුමේ සඳහන් කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස