මට ජනාධිපතිකම නැති වුණෙත් 19 නිසායි! නැත්නම් අදත් මම ජනාධිපති! – මෛත්‍රී

January 25, 2020 at 7:29 am | by emanisa.lk

ජනාධිපතිවරයාගේ ධුර කාලය වසරක් අඩු නොකළේ නම් අදටද ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා තමන් බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සඳහන් කරයි.

ජනාධිපතිවරයා සතු අසීමිත බලතල තමන් විසින් පාර්ලිමේන්තුවට, අගමැතිවරයාට හා ස්වාධීන කොමිසන් සභාවට ලබා දුන් බවද ඔහු කියා සිටියි.

කෙසේ නමුත් එම සංශෝධන සිදු කළ 19 වන සංශෝධනය නිසා ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව බරපතළ ලෙස අවුල් වී ඇති බවද ඔහු පැවසීය.

ඒ නිසා එම සංශෝධනය ඇතුළු ව්‍යවස්ථාව වහා වෙනස් කළ යුතු බවත් කී මෛතීපාල සිරිසේන ඒ සඳහා පාර්ලිමේන්තුවේ බහුතර බලයක් වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ලබාදිය යුතු බව ද පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉල්ලීම මත මීළඟ මහ මැතිවරණය තමන් තරග වදින බවත් හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ පොළොන්නරුවේ දී පැවති උත්සවයක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස