19 ගෙනැත් සිරිසඟබෝ වූ ජනපතිගේ බලයට තවත් වාරණයක්! මරණ දඬුවමට අතුරු තහනමක්!

July 5, 2019 at 3:13 pm | by emanisa.lk

මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (05) අතුරු තහනම් නියෝගයක් පනවා තිබේ. ඒ නීතිඥ කේ.එච්. ගීගනගේ ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීමෙන් පසුය.

ශ්‍රේෂ්ඨාධිකරණය පැනවූ අතුරු තහනම ඔක්තෝබර් 30 වෙනිදා දක්වා බලපැවැත්වෙනු ඇත.

ජනාධිපතිවරයා පසුගිය 26 වෙනිදා ප්‍රකාශ කළේ මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හතර දෙනෙකුට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට අත්සන් කළ බවත් සති දෙකක් ඇතුළත ඔවුන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කරන බවත්ය.

මේ අනුව එළඹෙන ඔක්තෝබර් මාසය වන තුරු කිසිවකුට මරණ දඬුවම ලබා දිය නොහැකිය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස