පෙට්‍රල් ඩීසල් රු. 2කින් පහළට! ඔටෝ ඩීසල් එහෙමමයි!

September 10, 2019 at 8:22 pm | by emanisa.lk

ඉන්ධන මිල සූත්‍රය අනුව අද රාත්‍රී (10) සිට පෙට්‍රල් රු. 2කින් ද සුපිරි ඩීසල් රු. 02කින් ද අඩු කර තිබේ.

කෙසේ වුවද ඔටෝ ඩීසල් මිලෙහි කිසිදු වෙනසක් සිදු වී නොමැත. පොදු ප්‍රවාහ සේවාවල භාවිත කරන්නේ ඔටෝ ඩීසල්ය.

ලෝක වෙළෙඳපොළේ තෙල් මිල පහත වැටුණු බොහෝ අවස්ථාවල ලංකාවේ තෙල් මිල ඉහළ යාම පසුගිය කාලය තුළ දක්නට ලැබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස

මුල් පුවරුව