කාබන් බද්ද ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක්! – ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රන්ජිත් ප්‍රේමලාල් ද සිල්වා

January 30, 2019 at 2:36 am | by admin

කාබන් බදු ඔස්සේ රජයට ආදායමක් ලබා ගැනීම ජාත්‍යන්තර නීති උල්ලංඝනය කිරීමක් යැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම ඉන්ජිනේරු පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රන්ජිත් ප්‍රේමලාල් ද සිල්වා ප්‍රකාශ කළේය.

ඔහු එම අදහස් පළ කළේ පිටකෝට්ටේ පිහිටි වියත්මඟ කාර්යාලයේදී ඊයේ (29දා) පැවැති මාධ්‍ය හමුවකදීය. එහිදී හෙතෙම මෙසේද පැවැසීය.

කාබන් බද්ද දැනට ලෝකයේ හඳුන්වාදී තිබෙන්නෙ දියුණු රටවල් 10ක් වගේ සංඛ්‍යාවක පමණයි. ස්කැන්ඩිනේවියානු රටවල් කිහිපයක් කැනඩාව, යුරෝපා රටවල් කිහිපයක් හා ඇමෙරිකාවේ ප්‍රාන්ත කිහිපයක් තමයි මේ බද්ද හඳුන්වා දී තිබෙන්නේ.

නමුත් අපේ රට හඳුන්වා දී තිබෙන්නෙ ජාත්‍යන්තර සම්මුති උල්ලංඝනය කරලයි. අනෙක් රටවල් කාබන් බද්ද හඳුන්වා දී තිබෙන්නේ ඉන්ධන දහනය නිසා වාතයට නිදහස් වන හයිඩ්‍රෝ කාබන් ප්‍රමාණය අවම කිරීමේ අරමුණින් සහ එම වායුව පිටවීමේ හානිය වළක්වා ගැනීමේ අරමුණ ඇති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට මුදල් රැස් කර ගැනීමටයි. කාබන් බද්දකින් රජයට ආදායමක් ලබා ගැනීම ජාත්‍යන්තර නීති උල්ලංඝනය කිරීමක්.

කාබන් බද්ද හඳුන්වා දිය යුත්තේ ඉන්ධන පරිභෝජන කරන ප්‍රමාණය අනුවයි. නමුත් මේ බද්ද හඳුන්වා දෙන්නේ පරණ වාහනවලට වැඩි මුදලක් අය කිරීමටයි. වැඩිදුරක් ධාවනය වන වාහනවල බද්ද අඩුයි. මේ නිසා හඳුන්වා දෙන්නේ සමාජ විරෝධී බද්දක්.

වායු විමෝචන සහතිකය 1975ට පෙර නිෂ්පාදනවලට ලබා ගැනීම අවශ්‍ය නැහැ. නමුත් කාබන් බද්ධ මඟින් ඒ වාහනවලින් වැඩි මුදලක් අය කරනවා. අවුරුද්දටම කි.මී . 10-20ක් ධාවනය වන වාහනවලට තමයි වැඩිම බදු අය කරන්නේ. ලෝකයේ කිසිම රටක මේ ක්‍රමවේදයට කාබන් බද්ද හඳුන්වා දීල නැහැ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස