විදුලියබල මණ්ඩලෙන් ඛනිජ තෙල් සංස්ථාවට බිලියන 80ක පොල්ලක්! තෙල් සැපයීම නවතා දමයි! රටපුරා නොදන්වා පැයක් විදුලිය කපයි!

July 9, 2019 at 10:49 am | by emanisa.lk

ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ලංකා විදුලිබල මණ්ඩලයට ඉන්ධන ලබාදීම අත්හිටුවා ඇති හෙයින් දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට පැයක පමණ විදුලි කප්පාදුවක් සිදුකිරීමට සිදුවන බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.

ඉන්ධන සැපයීම අත්හිටුවීම හේතුවෙන් මෙගාවොට් 150ක විදුලියක් නිපදවිමට නොහැකිවීම හේතුවෙන් මෙසේ විදුලිය කප්පාදු කිරීමට සිදුවෙයි.

ඉන්ධන සැපයීම අත්හිටුවීම හේතුවෙන් තාප බලාගාර ක්‍රියාත්මක කිරීමට අවස්ථාවක් නොලැබෙයි. කෙසේ වෙතත් මෙම ගැටලුව විසඳීම සඳහා අමාත්‍යාංශ මට්ටමින් හෙට පෙරවරුවේ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබේ.

මේ සඳහා හේතු වී ඇත්තේ විදුලියබල මණ්ඩලය විසින් තෙල් සඳහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ගෙවිය යුතු රු. බිලියන 80ක මුදලක් නොගෙවීමය. රු. බිලියන 80 සීමාවෙන් ඉදිරියට විදුලිය සැපයීම සඳහා කැබිනට් අනුමැතිය හෝ අධ්‍යක්ෂ මණ්ඩල විශේෂ අනුමැතියක් උවමනාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස