ලෝක වෙළෙඳපොළේ මිල අඩු වුණත් මංගලගේ අමුතු සූත්තරේට අනුව ලංකාවේ නඟිනවා! – මහින්ද

June 12, 2019 at 8:10 am | by emanisa.lk

ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල අඩු වුවත් මංගල සමරවීර මුදල් ඇමැතිවරයාගේ මිල සූත‍්‍රයෙන් මෙරට ඉන්ධන මිල වැඩිවන බව හිටපු ජනාධිපති විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ පවසයි.

මිල සූත‍්‍රයට අනුව මාසයකට වරක් මෙරට ඉන්ධන මිල ඉහළ යෑමේ රහස දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්‍ෂ නායකවරයා සඳහන් කළේය.

රටේ ජනතාව සෑම අංශයකින්ම පීඩාවට පත්ව සිටින අවස්ථාවක ඉන්ධන මිලත් මාස්පතා මෙලෙස වැඩි කිරීමෙන් ජනතාව තවත් පීඩනයකට පත්වන බවත් මේ තත්ත්වයෙන් ජනතාව මුදා ගත යුතු බවත් මහින්ද රාජපක්‍ෂ මහතා වැඩිදුරටත් පැවසීය.

මිල සූත‍්‍රය හඳුන්වා දුන්නේ ලෝක වෙළෙඳ පොළේ ඉන්ධන මිලෙහි වෙනස්වීම් අනුව මෙරට ඉන්ධන මිල වෙනස් වීමට වුවත් මිල අඩුවන විට මෙරට මිල ඉහළ යෑම අමුතු සූත‍්‍රයක් බවත් හෙතෙම සඳහන් කළේය.

මේ වන විට රටේ ග‍්‍රාමීය ආර්ථිකය සහමුලින්ම කඩා වැටී ඇති බවද විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස