පෙට්‍රල් මිල ඉහළ යාමත් සමග ත්‍රිරෝද රථ ගාස්තුව ඉහළ යයි! අවම ගාස්තුව රු. 60ක් වෙයි!

June 12, 2019 at 8:52 am | by emanisa.lk

පෙට‍්‍රල් ලීටරයක මිල රුපියල් තුනකින් ඉහළ නැංවීම නිසා කිලෝමීටරයක් සඳහා දැනට අය කරන ගාස්තුව රුපියල් 50 සිට රුපියල් 60 දක්වා වැඩි කරන බව ලංකා ස්වයං රැකියා ජාතික ත‍්‍රිරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන පවසයි.

ආණ්ඩුව අත්තනෝමතික ලෙස ඉන්ධන මිල වැඩි කිරීම නිසා ත‍්‍රිරෝද රථ රියදුරන් කබලෙන් ලිපට වැටී ඇතැයි ද හෙතෙම කීවේය.

පවතින තත්ත්වය මත බොහෝ පිරිස් ත‍්‍රිරෝද රථවලින් ගමන් කිරීම පවා නතර කර ඇතැයි ද මේ නිසා ත‍්‍රිරෝද රථ රියදුරන් තවත් අසරණ තත්ත්වයට පත්ව ඇතැයිද සඳහන් කළ ඒ මහතා මිල සූත‍්‍රයක් පෙන්වා දිගින් දිගටම මිල වැඩි කළා මිස කිසි දිනක මිල අඩු කර නැති බවත් කීවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *