ලංවීම අපට කෝටි 8000ක් ණයයි! ණය නොගෙව්වොත් තෙල් දෙන්නේ නෑ! රට පුරා විදුලිය කැපුවේ අපි තෙල් නොදුන් නිසායි! – ඛනිජ තෙල් සංස්ථාව

July 10, 2019 at 9:21 am | by emanisa.lk

විදුලිය ජනනය කිරීම සඳහා ඉන්ධන ලබාගැනීම වෙනුවෙන් ලංකා විදුලිබල මණ්ඩලය රුපියල් කෝටි 8000 ක් ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට ණය වී තිබේ.

එම ණය මුදල හෝ ඉන් කොටසක් හෝ නොගෙවන්නේ නම් ඉන්ධන සැපයීම නතර කිරීමට පියවර ගන්නා බවට ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාව විදුලිබල මණ්ඩලයට අනතුරු අඟවා තිබේ.

මේ අතර පෙරේදා (08) ලංකා ඛණිජතෙල් සංස්ථාව ලංවීමට ඉන්ධන සැපයීම නතර කළ අතර එමගින් මෙගාවොට් 150 ක පමණ විදුලිය ධාරිතාවක් ජනනය කිරීමට නොහැකි වූ බවද එම මණ්ඩලය කියයි.

ඒ නිසා එදින ලංකාවේ ඇතැම් ප්‍රදේශවලට කිසිදු පෙර දැනුම්දීමකින් තොරව පැයක කාලයක් විදුලිය අත්හිටුවීමට ද සිදු වූ අතර ජනතාව මහත් අපහසුතාවට පත්වූහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස