පාස්කු ප්‍රහාර සැකකරුගේ නිවසට බදියුදීන් කිහිප වරක් ආවා! – ජනපති කොමිසමේ දී හෙළි වෙයි….

November 17, 2020 at 9:02 am | by emanisa.lk

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවෙකු ලෙස අත්අඩංගුවට ගත් ඉෂාම් අහමඩ්ගේ නිවසට හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් හලීම් පැමිණ ඇති බව ඊයේ (16) ජනාධිපති කොමිසමේ දී අනාවරණය විය.

දෙහිවල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරියා සහ අදාළ නිවසෙහි අසල්වැසියෙක් පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් මෙම කරුණු අනාවරණය කළහ.

ඇමැති රිෂාඩ් බදියුදීන් එවක හමුදාපති මහේෂ් සේනානායක අමතා අදාළ සැකකරු නිදහස් කරන ලෙස තුන් වරක් ඉල්ලා සිටි බව ද හමුදාපතිවරයා මාධ්‍ය වෙත අනාවරණය කර තිබිණි.

පෙර කී අසල්වැසියා කොමිසම හමුවේ අනාවරණය කළේ හිටපු ඇමැති බදියුදීන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් හලීම් මෙම නිවසට කිහිප අවස්ථාවක් පැමිණෙනු දැක ඇති බව ය.

ප්‍රදේශයේ තවුහිද් ජමාත් පල්ලියක් ඇති බවත් ඉෂාම් අහමඩ් එහි නිතර ගිය බවත් ප්‍රදේශයේ ජනතාව සමග පාස්කු ප්‍රහාරයට පෙර සිට ම යම් යම් ප්‍රශ්න තිබූ බවත් මෙහි දී අනාවරණය විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස