“පාස්කු ප්‍රහාරයේ වගකීම ජනාධිපති භාරගත යුතුයි නේද?” – ෆොන්සේකා…. “හමුදා මූලස්ථානයට එල්ල වූ ප්‍රහාරයේ වගකීම ඔබ භාරගත්තාද?” – ජනාධිපති…. පාස්කු කමිටු විනිසුරු ෆොන්සේකා නොකවුට්…

September 21, 2019 at 8:40 am | by emanisa.lk

දේශපාලන ප්‍රශ්න හේතුවෙන් තිස් වසරක යුද්ධය නිමා කළ මහින්ද රාජපක්ෂගෙන් ජාතික ආරක්ෂාව පිළිබඳ උපදෙස් ලබා නොගත් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ (20 දා) එම ප්‍රහාරය සම්බන්ධව සොයා බැලෙන විශේෂ තේරීම් කාරක සභාව හමුවේ සාක්‍ෂි දෙමින් පවසා ඇත.

මෙහිදී ආරක්‍ෂක ඇමැතිවරයා ලෙස පාස්‌කු ප්‍රහාරයේ වගකීම ජනාධිපති වන ඔබ භාරගත යුතු නේ දැයි තේරීම් කාරක සභාවේ සාමාජික ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා විමසා ඇති අතර එහිදී ජනාධිපතිවරයා විමසා ඇත්තේ හමුදා මූලස්‌ථානයේදී ෆොන්සේකාට එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරයේ වගකීම හිටපු හමුදාපති ලෙස භාරගත්තේ දැයි යනුවෙනි.

මේ අතර අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ ආරක්‍ෂක රාජ්‍ය ඇමැති රුවන් විඡේවර්ධන මහතා ආරක්‍ෂක කවුන්සිලයට නොකැඳවීම පිළිබඳ තේරීම් කාරක සභාවේ මන්ත්‍රීවරු ජනාධිපතිවරයාගෙන් විමසූ විට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග මහත්මිය 1999 වසරේදී නිකුත් කරන ලද චක්‍රලේඛයක්‌ අනුව අගමැතිවරයා කැඳවීම අත්‍යවශ්‍ය නොවන බවද ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

රුවන් විඡේවර්ධන මහතාට ද අවශ්‍ය නම් ඊට සහභාගි වීමට හැකියාව ඇති බවත් ඔහුගේ සහභාගි වීම පිළිබඳව කිසිදු විරෝධයක්‌ හෝ නොපැමිණෙන්නැයි කියා දන්වා නැති බවද පවසා තිබේ.

වසර 30 ක යුද්ධය අවසන් කිරීමට ක්‍රියාකරන ලද මහින්ද රාජපක්‍ෂගේ උපදෙස්‌ ලබා නොගැනීම සම්බන්ධයෙන් ද විමසා ඇති අතර එහිදී දේශපාලන ප්‍රශ්න හේතුවෙන් ඔහුගෙන් උපදෙස්‌ ලබා නොගත් බව පවසා ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස