පාස්කු ඉරිදාට කලින් සිකුරාදත් මේ රටේ හොඳ ආර්ථිකයක් තිබුණා! පාස්කු ප්‍රහාරය නිසා තමයි ආර්ථිකය කඩා වැටුණේ! – අගමැති

August 1, 2019 at 3:12 pm | by emanisa.lk

පාස්කු ඉරිදාට කලින් සිකුරාදා සහ සෙනසුරාදා මේ රටේ හොඳ ආර්ථිකයක් පැවති බවත් ප්‍රහාරයට පසු ආර්ථිකය නොසිතූ පසුබෑමකට ගොදුරු වූ බවත් අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි.

මේ වන විට රටට ණය ගෙවිය හැකි බවට අමාරුවෙන් විශ්වාසය ගොඩනඟා ඇතැයි හෙතෙම පැවසීය. අලුතින් ණය ගෙන තිබෙන ණය ගෙවන බවත් එවිට ලංකාවට ණය ගෙවිය හැකි බවට විශ්වාසයක් ගොඩනැඟෙන බවත් අගමැතිවරයා සඳහන් කළේය.

ණය ගැනීම සඳහා විශ්වාසනීය ආර්ථිකයක් ගොඩනඟා ප්‍රමාණවත් නැති බවත් ණය ගෙවිය හැකි ආර්ථිකයක් ගොඩනැඟීමට කටයුතු කරන බවත් ඔහු අවධාරණය කළේය.

සැමදාම හිඟන්නන් මෙන් සිටිය නොහැකි බවත් අපටත් ආත්ම ගෞරවයක් ඇති බවත් අගමැතිවරයා එහිදී පෙන්වා දුන්නේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස