ප්‍රජාතන්ත්‍රවාදය රැකීමයි වසංගත මැඩීමයි එකට කරන්න බෑ! – අනිල් ජාසිංහ

November 20, 2020 at 2:51 pm | by emanisa.lk

ආපදා කළමනාකරණය යනු නියෝග මත ක්‍රියාත්මක වන ක්‍රමවේදයක් බවත් කොරෝනා මර්දන මෙහෙයුම් සහ ආපදා කළමනාකරණය අතර වෙනසක් නොමැති බවත් හිටපු සෞඛ්‍ය අමාත්‍යංශ අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි.

පළමු කොරෝනා රැල්ල මර්දනයට තමා භාවිත කළේ එවැනි ක්‍රමවේදයක් බව වර්තමාන පරිසර අමාත්‍යංශ ලේකම්වරයා පවසයි.

එවැනි අවස්ථාවක සියලු දෙනාගෙන් විමසා කටයුතු කිරීමට ගියහොත් නිවැරදි දේ සිදු නොවන බවත් ඔහු පවසයි.

තමාට උවමනා වූයේ පිරිසක් සතුටු කිරීමට නොව රෝගය මර්දනයට බවත් එවැනි ආපදාවක් කළමනාකරණයේ දී විශාල ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක කටයුතු කළ නොහැකි බවත් අනිල් ජාසිංහ අවධාරණය කරයි.

වසංගත රෝග මර්දනයෙහි බලය ඇත්තේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාට බවත් එය නිසි ලෙස ක්‍රියාත්මක නොකරන්නේ නම් සිය වගකීම් පැහැර හැරීමක් වන බවත් ඔහු වැඩි දුරටත් පවසයි.

දෙරණ ටෝක් විත් චතුර වැඩසටහනට එකතු වෙමින් අනිල් ජාසිංහ මේ බව සඳහන් කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස