කන්දකාඩු දෙවෙනි රැල්ලක් නෙමෙයි! එය නාවික පොකුර තරම් පැතිරීමේ ලක්ෂණත් නෑ! – ජාසිංහ

July 19, 2020 at 9:25 am | by emanisa.lk

කන්දකාඩු කොරෝනා පොකුර කිසිසේත්ම දෙවෙනි රැල්ලක ලක්ෂණ මතු නොවන බවත් එය නාවික හමුදා පොකුර තරම් ව්‍යාප්ත ලක්ෂණ නොපෙන්වන බවත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ පවසයි.

කන්දකාඩු සහ සේනපුර රැඳවියන් බැලීමට පැමිණි ඥාතීන්ගේ පීසීආර් පරීක්ෂණ සියල්ල සිදුකර අවසන් බවත් ඒ කිසිවෙකුට කොරෝනා ආසාදනය වී නොමැති බවත් ඔහු අනාවරණය කළේය.

කන්දකාඩු කාර්යමණ්ඩල සහ දේශන සඳහා එක් වූ අයගේ ආශ්‍රිතයන් මේ වන විට නිරෝධායනයට ලක්කර ඇති බවත් ඒ අතරින් ආසාදිතයන් 8 දෙනෙකු වාර්තා වී ඇති බවත් ජාසිංහ පෙන්වා දුන්නේය.

කන්දකාඩු ආශ්‍රිතයන් වාර්තා වූ ස්ථාන ආශ්‍රිතව පීසීආර් පරීක්ෂණ 19 321ක් සිදුකර ඇති අතර රාජාංගණය, තල්පොත්ත සහ ලංකාපුර ප්‍රදේශවල තව දුරටත් පීසීආර් පරීක්ෂණ සිදු කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස