නැවතත් පිරිසිදු ලස්සන කොළඹක්! ක්‍රියාන්විතය ඇරඹෙයි! අධීක්ෂණයට පොලිසිය!

November 24, 2019 at 6:36 pm | by emanisa.lk

පොලිස් පාරිසරික කොට්ඨාසය හා පාරිසරික ඒකකය එක්ව පරිසරය සුරැකීමේ මෙහෙයුමක් අද (24) ආරම්භ කෙරිණ.

එහි ප්‍රථම වැඩසටහන ආරම්භ කෙරුණේ, කොළඹ නිදහස් චතුරඝ්‍ර පරිශ්‍රයෙනි. ඊට සමගාමීව ගාලුමුවදොර පිටියේ හා පිටකොටුව බෝ සමිඳු අභියසදී ද පාරිසරික මෙහෙයුම් ක්‍රියාත්මක කෙරිණි.

කොළඹ ප්‍රදේශයේ කසළ කලමනාකරණයේ යෙදෙන පෞද්ගලික ආයතන අධීක්ෂණය කිරීම ද මින් පසු සිදු කෙරෙන්නේ පොලිස් පරිසර කොට්ඨාසය මගිනි.

නව මෙහෙයුමෙහි සමාරම්භක අවස්ථාවට එක්වූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා මේ පිළිබඳ අදහස් ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස