දේශප්‍රේමි ශ්‍රී ලාංකිකයෝ ජිනීවා වටලති! සුමන්දිරන්ට මුහුණට මුහුණ සටනට අභියෝගයක්! (video)

March 11, 2019 at 2:49 pm | by admin

ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය ඉදිරිපිට ජගත් දේශප්‍රේමී ලාංකික සංසදය සංවිධානය අද දින උද්ඝෝෂණයක් සංවිධානය කර තිබිණි.

යුරෝපීය රටවල වෙසෙන දේශප්‍රේමි ශ්‍රී ලාංකිකයන් විශාල ප්‍රමාණයක් සහභාගී වූ එම විරෝධතාව අමතා මහාචාර්ය චන්න ජයසුමන ප්‍රකාශ කළේ 1818 මේ රටේ සිංහල තරුණයන් දහස් ගණනක් සංහාරය කළ කෙත්වතු ගිනි තැබූ එංගලන්තයට ලංකාවට එරෙහිව යෝජනාවක් ගෙන ඒමට නොව මානව හිමිකම් පිළිබඳ කතා කිරීමට පවා අයිතියක් නොමැති බවය.

2015 ලොව කිසිම රටක විදේශ කටයුතු ඇමතිවරයකු නොකරන ආකාරයට සිය රටට එරෙහි යෝජනාවකට මංගල සමරවීර සම අනුග්‍රහය දැක්වූ බවත් මෙවර තිලක් මාරපන එම ද්‍රෝහි ක්‍රියාවම සිදු කිරීමට සූදානම් බවත් හෙතෙම අවධාරණය කළේය. දේශප්‍රේමි විදෙස්ගත ලාංකිකයන්ට ස්තූති කළ මහාචාර්යවරයා රට වෙනුවෙන් අඛණ්ඩව පෙළ ගැසෙන ලෙස ද ඒ ජනතාවට ඇරයුම් කළේය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස