දෙවියන්ගේ ඇස්පනාපිට ගාල්තැන්නේ දේවාලය කොල්ලකති! මහාබලගතු දේවගැති දෑත් දෙපා බැඳ කාමරයකට දාලා! රත්තරන් කිලෝ 12ක් ලක්ෂ 20ක් සහ මැණික් රැගෙන හොරු පැනයති!

September 26, 2019 at 1:04 pm | by emanisa.lk

තලාතුඔය ගාල්තැන්න ශ්‍රී භද්‍රකාලි අම්මාන් දේවාලයට ඊයේ (25) අලුයම 3.45.ට පමණ ඇතුළු වූ සොරු කණ්ඩායමක් එහි සේවකයන් හා දේවගැතිවරයා බැඳ දමා රත්තරන් කිලෝ දොළහක පමණ ප්‍රමාණයක් හා මුදලින් රුපියල් ලක්ෂ විස්සක් පැහැර ගෙන ගොස් තිබේ.

මෙයට අමතරව එහි තිබූ කුඩා ප්‍රමාණයේ මැණික් ගල් කිහිපයක් ද රැගෙන ගොස් ඇත. පැහැර ගත් වෙනත් දේ පිළිබඳ ගැන තවමත් පරීක්ෂා කරගෙන යනු ලබන පොලිස් නිල සුනඛයන් යොදවා පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබේ. දේවාලයේ වූ සී.සී.ටී.වී යන්ත්‍රයද සොරුන් විසින් ගලවා දමා ඇත.

ඒ අවස්ථාවේ හත්දෙනකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් දේවාලයට ඇතුළුවී දේවගැතිවරයා පූජාවට යන අවස්ථාවේ ඔහු අල්ලා බැඳ කාමරයකට දමා ඇති අතර මුළුතැන්ගෙයි ඉවුම් පිහුම් කරන කාන්තාව සහ සේවකයන්වද කාමරයකට දමා වසා ඇත. අනතුරුව දේවගැතිවරයාගෙන් යතුරු ලබාගෙන රන්බඩු හා මුදල් පැහැරගෙන ගොස් තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස