ETI තැන්පත්කරුවන්ගේ මුදල් කොල්ලකෑවේ යහපාලන ආණ්ඩුවේ ආශීර්වාදය ඇතිවයි! – නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු

March 29, 2019 at 1:58 pm | by admin

ETI තැන්පත්කරුවන්ගේ මුදල් බිලියන ගණනක් කොල්ලකෑමට ETI සමාගමට හැකි වූයේ යහපාලන ආණ්ඩුවේ අකාර්යක්ෂමතාව නිසා බව නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු පවසයි. ආණ්ඩුව බොහෝ කලකට පෙර ETI සමාගමට තැන්පත්කරුවන්ගේ මුදල් ආපසු ගෙවිය නොහැකි බව දැන සිටිය ද ඒ පිළිබඳ ගනුදෙනුකරුවන් දැනුම්වත් කිරීමට කටයුතු නොකළ බවට හෙතෙම චෝදනා කරයි.

මහ බැංකුවේ ලියාපදිංචි සමාගමක් ලෙස පැවති මෙම සමාගමේ මුදල් තැන්පත් කිරීමට ජනතාව කිසිසේත් නොපැකිළෙන බව ද ඒ ජනතාව මහ බැංකුව කෙරෙහි විශ්වාසය තබන නිසා බව ද පෙන්වා දෙන නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු 2017 වසරේ මෙම සමාගමේ කඩාවැටීම දැන දැනම ජනතාවට ඒ පිළිබඳ වසං කිරීම මගින් මහ බැංකුව එම විශ්වාසය කඩ කළ බව ද පෙන්වා දෙයි.

මේ නිසා ජනතාව එයින් පසුව ද රු. බිලියන 10කට අධික මුදලක් ETI සමාගමේ තැන්පත් කර ඇතැයි හෙතෙම හෙළි කළේය. ඒ අනුව මේ මහා මුදල් කොල්ලය සිදුවන්නේ යහපාලන රජයේ පූර්ණ අනුදැනුම සහිතව බව ඔහු වැඩි දුරටත් පෙන්වා දෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස