දෙමළ ජනතාවට ඊළම දෙන ජනාධිපති අපේක්ෂකයාට අපේ සහාය ලබා දෙනවා! – දෙමළ ජාතික සන්ධානය

September 4, 2019 at 12:56 pm | by emanisa.lk

ඉදිරි ජනාධිපතිවරණයේදී දෙමළ ජාතික සන්ධානයේ සහාය හිමිවන්නේ දෙමළ නිජ බිමේ ස්වයං නිර්ණන අයිතිය ලබාදීමට පොරොන්දු වන අපේක්ෂකයාට පමණක් බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ශාන්තිනී ස්කන්ධරාජා පවසයි.

මුලතිව් ප්‍රදේශයේ පැවැති ජනහමුවක් අමතමින් ඇය මේ බව කියා සිටියාය.

“දකුණේ දේශපාලන පක්ෂ විසින් වසර ගණනාවක සිට උතුරේ දෙමළ ජනතාව රවටමින් සිටිනවා. එහෙත් එම රැවටීමට තිත තැබීමට කාලය එළැඹිලා මෙතෙක් දෙමළ ජාතික සන්ධානයේ සහාය ලබාදෙන අපේක්ෂකයා සම්බන්ධයෙන් අවසන් තීරණයට එළැඹ නැති නමුත් ස්වයං නීර්ණ අයිතිය පිළිගන්නා අපේක්ෂකයාට සහාය ලබාදීමට සන්ධානය තීරණය කර තිබෙනවා.”

කෙසේ වුවද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ බෙදුම්වාදය ප්‍රතික්ෂේප කර ඇති අතර සජිත් ප්‍රේමදාස ඒකීය රාජ්‍ය තළ උපරිම බලය බෙදීමකට එකඟ වී ඇත. රනිල් වික්‍රමසිංහට ඕනෑම වෙලාවක සහාය ලබා දෙන බව දෙමළ ජාතික සන්ධානය මෙයට පෙර ප්‍රකාශ කළේය.

එහෙයින් මෙය එජාප අපේක්ෂකයාට සහාය ලබා දීමට දෙමළ සන්ධානය අනුගමනය කරන උපක්‍රමයක් බව විශ්ලේෂකයන්ගේ අදහසය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස