ත්‍රස්තයන් සිවුරු හැඳ ප්‍රහාරයක් සඳහා සැරසුණා ද! කුලියාපිටිය අනවසර පල්ලියක සිවුරවලට සමාන රෙදි තොගයක්!

May 1, 2019 at 5:54 pm | by admin

කුලියාපිටිය යායවත්ත මුස්ලිම් ගම්මාන ආශ‍්‍රිත අනවසර පල්ලියක සහ නිවසක තිබී සිවුරකට සමාන විශාල රෙදි, යුද හමුදා නිල ඇඳුමට සමාන ඇඳුම් කිහිපයක් සහ සැකකටයුතු සීඩී තැටි රැසක්ද සොයාගත් බව පොලිසිය කියයි.

කුලියාපිටිය පොලිසිය හා කුරුණෑගල බෝයගනේ යුධ හමුදා කඳවුර එක්ව අද(01) කළ මෙහෙයුමේදී මෙම ඇඳුම් සහ රෙදි සොයාගෙන ඇත.

අරාබි අකුරින් විස්තර සඳහන් සිමෙන්ති පුවරුවක් හදිසියේ ගලවා දමා තිබූ බව අනාවරණය වීමත් සමඟ එම අනවසර පල්ලියේ සභාපතිවරයා ද නිවස හිමි කාන්තාව ද පොලිස් භාරයට ගෙන ප‍්‍රශ්න කර තිබේ.

මේ අනුව කිසියම් ත්‍රස්තවාදීන් පිරිසක් සිවුරු ඇඳගෙන කිසියම් ප්‍රහාරයක් සඳහා සූදානම් වූයේ ද යන සැකය මතුවෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස