තමන්ට එරෙහි වන අය මරා නොදමන රටක් අපට ඕන! – සරත් විජේසූරිය

August 12, 2019 at 8:52 pm | by emanisa.lk

බොහෝ භෞතික සම්පත් ඇති ලෝකයම ආකර්ශනය වන රටක් වන අපේ රට මේ තරම් ලෝකයට ණය මන්දැයි සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරයේ මහාචාර්ය සරත් විජේසූරිය ප්‍රශ්න කරයි.

ලෝකයේ අපට වඩා නොදියුණු මට්ටමේ පැවති රටවල් දියුණු කර ඇත්තේ මර්දනයනේ නොව නීතියෙන් බව හෙතෙම පවසයි. සිංගප්පූරුව කොරියාව වැනි රටවල් දියුණු වී ඇත්තේ නීතිය මත පදනම් වී බවත් ඔහු පවසයි.

රාජ්‍ය මුදල් විනිවිදභාවයකින් යුතුව භාවිත කළ යුතු බවත් පාලකයන්ට හෘද සාක්ෂියක් තිබිය යුතු බවත් හෙතෙම පැවසීය. ජනතාව ප්‍රාර්ථනා කළ යුත්තේ නීතිය යුක්තිය සාධාරණත්වය සහිත රටක් බවත් තමන්ට එරෙහි අය මරා නොදමන රටක් බවත් ඔහු සඳහන් කරයි.

යක්කල පැවති තරුණ නායකත්ව වැඩමුළුවක් අමතමින් ඔහු මේ අදහස් පළ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස