මෛත්‍රී ජනපති කිරීම පිළිබඳ අපි පසුතැවෙන්නේ නෑ! නමුත් මේ ආණ්ඩුවේ ජනතාවාදී වැඩපිළිවෙළ ගැන ජනතාව දන්නේ නෑ! – සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරය… (video)

June 19, 2019 at 12:22 pm | by emanisa.lk

2015 වසරේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ධුරයට පත් කිරීමට ගත් තීන්දුව පිළිබඳ තමන් කිසිසේත් පසු නොතැවෙන බවත් ඒ වෙනුවෙන් අදත් පෙනී සිටින බවත් සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ ලේකම් පාලිත ලිහිනියකුමාර පවසයි.

ඒ පිළිබඳ තම සංවිධානය තුළ කිසිදු ගැටුමක් නොමැති බව පැවසූ ලේකම්වරයා මෛත්‍රීපාල සිරිසේන බලයට පත් කර තමන් රටට දායාද කළ යහපාලන ගුණාංග ජනතාවාදී වැඩපිළිවෙළ නිවැරදි ලෙස ජනතාව අතරට සන්නිවේදනය කර ගැනීමට ආණ්ඩුව අසමත් වූ බව හෙතෙම පෙන්වා දෙයි.

අදටත් එදා ගත් තීන්දුව නිවැරදි යැයි තමන් සිතන බවත් තමන්ට ඉටුකරගත නොහැකි වූ අරමුණු ජයගැනීම සඳහා ඉදිරියටත් කටයුතු කරන බවත් හෙතෙම සඳහන් කළේය.

කෙසේ වුවද පසුගියදා එම සංවිධානයේ මහාචාර්ය සරත් විජේසූරිය ප්‍රකාශ කළේ මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ බලයට පත් කළ අපට ශාප වේවා කියාය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස