ජාතික ආරක්ෂාව ආර්ථිකය බිඳ වැටිලා! රට ගොඩගන්න පුළුවන් ගෝඨාට විතරයි! – එජාපයේ තිස්ස කුට්ටිආරච්චිත් ගෝඨාට එක්වෙයි…

October 9, 2019 at 1:13 pm | by emanisa.lk

ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කළ එජාප ආණ්ඩුවේ හිටපු රාජ්‍ය ඇමති තිස්ස කුට්ටිආරච්චි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ වෙත සහයෝගය ලබා දීමට තීන්දු කර තිබේ.

රටේ ජාතික ආරක්ෂාව, ආර්ථිකය ඇතුළු අනෙකුත් අංශ බිඳ වැටී ඇති බවත් මෙම ආගාධයෙන් රට ගලවා ගත හැක්කේ ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රතිපත්ති සහ සැලසුම්වලට පමණක් බවත් ඔහු පෙන්වා දෙයි.

ගෝඨාභය රාජපක්ෂ උගත් බුද්ධිමත් විනයගරුක නායකයකු බව පෙන්වා දෙන කුට්ටිආරච්චි ජනාධිපතිවරණයට තමා ඉදිරිපත් වීම මහජන මුදල් නාස්තියක් නිසා එසේ නොකිරීමට පසුව තීරණය කළ බවත් සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස