ජනවරමට ගරු කරලා ඒකාධිපති කියන රනිලුත් ගෙදර ගියා! ප්‍රජාතන්ත්‍රවාදී කරූ කතානායක පුටුව දාලා යන පාටක් නෑ! – වාසු

December 29, 2019 at 3:58 pm | by emanisa.lk

ජනාධිපතිවරණ ජනවරමට ගරු කරමින් රටේ ආණ්ඩුව සහ කැබිනට් මණ්ඩලය වෙනස් වුවද කතානායක ධුරයේ කරූ ජයසූරිය රැඳී සිටින බව ඇමති වාසුදේව නානායක්කාර පවසයි.

අලුත් ජනවරම සමග එජාප ආණ්ඩුව අවසන් වූ බවත් එම ආණ්ඩු සමයේ පත්කළ කතානායක කරූ ජයසූරිය එජාප නායකයෙකු බවත් එහෙයින් තව දුරටත් එහි රැඳී සිටීම බලවත් වරදක් බවත් හෙතෙම පවසයි.

එළඹෙන 03 වෙනිදා නව පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ වන අතර එහි කටයුතු ඉදිරියට කරගෙන යන බවත් තව දුරටත් පාර්ලිමේන්තුවේ එජාප බලයක් තබා ගැනීමට කරූ ජයසූරිය උත්සාහ කිරීම ජනවරමට ගරු නොකිරීමක් බවත් ඇමතිවරයා අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස