ජනපති තනිවෙයි! එජාපය තරවෙයි! මහින්ද සහ ලාල් ග්‍රේරොත් එජාපයට!

July 17, 2019 at 3:06 pm | by emanisa.lk

එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්ද සමරසිංහ සහ මොහාන් ලාල් ග්‍රේරො ළඟදීම එක්සත් ජාතික පක්ෂයට එක්වීමට සූදානමින් සිටින බව වාර්තා වෙයි.

පසුගියදා ජවිපෙ ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමට ශ්‍රීලනිපය තීන්දු කළ ද එම තීන්දුව නොතකා ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකුණු ශ්‍රීලනිප පිරිස අතර මොවුන් දෙදෙනාද වූහ.

එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පැමිණ ජනාධිපතිවරයා සමග කටයුතු කළ විජිත් විජයමුනි සොයිසා, පියසේන ගමගේ, ෆවුසි, ලක්ෂ්මන් සෙනවිරත්න, ඉන්දික බණ්ඩාරනායක සහ මනුෂ නානායක්කාර ද මේ වන විට එජාපය සමග කටයුතු කරති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස